Wednesday, September 29, 2021

චිංගීස් අයිත්මාතව් විසින් රචිත සුදුනැව.


 චිංගීස් අයිත්මාතව් නම් නිර්මාණකරුවාගේ තෙලිතුඩින් සුභාවිත සුදු නැව නම් කෘතිය මගින් අපූර්ව දෘෂ්ටිමය මං මාවතක් වෙත පාඨකයා ගෙන යයි.මිනිසාගේ සවිඥානය පිළිබඳව අපූරුවට ස්පර්ශ කරන්නට මේ කතුවරයාට මහත් දක්ෂතාවයක් තිබී ඇත .ඔහු නමින් චිංගීස් අයිත්මාතව් වන අතර මෙම කෘතිය සිංහලයට පරිවර්තනය කිරීමේ කාර්‍ය  චූලානන්ද සමරනායක මහතා බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුය .අපූරුවට රුසියන් සංස්කෘතිය සහ සිංහල සංස්කෘතිය අතර අපූරු පාලමක් ඉදි කරමින් පාඨක මනස යථාර්ථය සහ භාවය සමඟ අපූරුවට සංකලණය කරයි .

                                   චිංගීස් අයිත්මාතව් සුදු නැව කෘතිය නිර්මාණය කිරීමේ දී ඔහු සමාජයෙන් ගත් දැනුම සහ කුඩා කල ලබාගත් අත්දැකීම් ඔහුගේ සියලුම නිර්මාණ වලට ප්‍රධාන රුකුලක් වී ඇති බව කිව හැකිය .ඔහුගේ ජීවිත කතාව අතර විවිධ රැකියාවන් වල නිරත වූ ඔහු සමාජවාදය අනුමත කළ අයෙකි .1956-1958අතර කාලයේ ගෝරකී සාහිත්‍ය ආයතනයේ සාහිත්‍ය අධ්‍යනය සඳහා මාරු විය .සමුගනිමු ගුල්සාරි ගෙන් ඇරඹි ඔහුගේ නිර්මාණ කරණය කාලයත් සමඟ ඔහුගේ දැක්ම හරහා විවිධාකාරයෙන් පරිනාමයට ලක්වී ඇත .සමාජ සත්තා යථාර්ථවාදය රීති අනුගමනය කළ චිංගීස්  අයිත්මාතව් මානවයා සහ ඔහුගේ යාත්මක වන සමාජය සහ සිත පිළිබඳව අපූරු අපූරු අවබෝධයකින් යුක්ත ලේඛකයකි.ඔහු සිය ග්‍රන්ථ මගින් සාරගර්භ දැනුමක් අන්තර්ගත කළ නිර්මාණකරුවෙක් ලෙස දැක්විය හැකිය .

                                        යථාර්ථවාදය පිළිබඳව හොඳින් දත් සමාජයේ සියලුම පීඩිත ප්‍රජාව ගේ පීඩිතයන් වන්නට හේතු වූයේ කුමක්දැයි හරි අපූරුවට සුදු නැව නම් නිර්මාණය නිර්මාණයෙන් සුභාවිත වන්නකි.ස්වභාවධර්මය, ළමා මනස ,සත්ව ලෝකය ,පිළිබඳව අපූරු වින්දනයකට පාඨක මනස ගෙන යන්නේ රෝමාන්තිකවාදී නිර්මාණකරුවෙක් ලෙසිනි .මෙම නවකතාව තුළ ජීවමානව වන්නා වූ චරිත ලෙස කුඩා දරුවා ,මෝමන් හෙවත් දරුවාගේ සීයා ,බෙකෙයි හෙවත් දරුවාගේ ලොකු අම්මා ,ගුල්ඩිශමාල්,සෙයිඩකමාල්,ඔරොස්කුල්,හෙවත් මෝමන්ගේ බෑනා.ආදී චරිත අපූරුවට නිරූපණය වේ .සමාජයෙ නිවැරදි ප්‍රතිබිම්බයක් හරි අපූරුවට සූචනය වන ලක්ෂණ මෙම නිර්මාණය මගින් දක්නට ලැබේ .දෙමාපියන්ගේ හව්හරණක් නොමැති දරුවෙක් ගේ ජීවිතයේ  සෝචනීය තත්වය  එම දරුවාගේ ආරක්ෂාව සපයන්නට සීයා කෙනෙකුට හැකි ප්‍රමාණය සහ මෙවැනි සමාජ ගැටළු පිළිබඳව අවබෝධයක් සහ තැතිගැන්මක් අපූරුවට නිරූපණය කරයි .ස්ත්‍රිය මෙම ග්‍රන්ථයේ විවරණය කරමින්  සමාජය තුළ ඇයගේ භූමිකාව ඇයට හිමි නියමිත තැන ලැබෙන්නේ ද යන්න ප්‍රකට කාරණයක් බව දර්ශනය කරයි.ළමා මනසේ අහිංසක බව තැලී පොඩිවී පොඩි වී නැති මනසක පිළිතුරු බව සහ දුෂ්ඨ අමානුෂික සමාජයක් තුළ ඔවුන්ගේ නෙත් හසු කර ගන්නා දූෂිතයන් මගින් සමාජයට වෛර කරන දරුවාගේ සත්‍ය කථාවක් මෙමගින් සුවිශද වෙයි .

නවකතාව මුලදී රූපණය කරන්නා වූ අපූරු සංකේත සහ ස්වභාව සෞන්දර්යය විඳින්න ළමා මනස තුළ වින්දනය සමඟ පාඨක මනස අපූරුවට වින්දනය කරයි.අධ්‍යාපන අයිතිය ,සුඛෝපභෝගී ජීවිතය ,සමාජයේ පිරිසකට පමණක් සීමා වූ සමාජ හැප්පිලි සඳහා හේතු කාරණා වූ මූලික සාධක අපූරුවට ඉදිරිපත් කරන්නේ පාඨකයාට නියමිත රසය හරි අපූරුවට ලබාදෙමිනි .මිනිස් අයිතිවාසිකම් සමාජය තුළ බුක්ති භුක්ති විඳින ආකාරය මෙම නවකතාව මඟින් අපූරු අරුතකින් කියා දෙයි .

ස්ත්‍රියකගේ මනස පුරුෂයෙකුගේ මනස ඔවුන්ගේ අපේක්ෂා බිඳ වැටීම නිසා සමාජයක් තුළ සමාජයටම වෛර කරන මිනිස් කොට්ඨාශයක් බිහි කරන බවත් මෙමගින් සුවිශද වෙයි .සම්පත් සමානව බෙදී නොයාම සහ මානව අයිතිවාසිකම් සමානව බෙදී නොයාම හේතුකොටගෙන සදාචාරවත් සමාජයක් බිහි නොවන බව අපූරුවට දර්ශනය කරවන සුදු නැව නම් නවකතාවේ යටිපෙළ අරුතයි.

            විශේෂයෙන්ම සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝවිද්‍යාඥයා හඳුන්වාදුන් මනෝවිශ්ලේෂණවාදී පිළිබඳව අපූරු දර්ශනයක් සහිතව යථාර්තවාදී ලේඛන ශෛලියක් අනුගමනය කර ඇති සිංගර් අයිත්මාතව් විශාල අරගලයක නිරත වී ඇත්තේ මේ සමාජය සුඛිත මුදිත කිරීම සඳහා ම ය .සමාජය තුළ සමාජයෙන් ලබාගන්නා අත්දැකීම් ඇති මෝමන් අතිශය සුන්දර චරිතයක් ලෙස නවකතාවේ මුල් සටහන් වල දක්නට හැකි වන අතර ඔහු කොතෙක් සමාජය උත්ප්‍රාසයට ලක්වුවත් සමාජය කුමක්ද යන්න නිවැරදි වැටහීමක් නොමැති චරිතයක් ලෙස දක්නට ලැබේ .

බැටලු පට්ටියක් ජීවිතය වුව 

එනමුදු මවක නැත පියකු නැත 

ඒ අඩු සෙනෙහස පුරවන්නට 

සීයාට උරුම විය පිතුසෙනෙහේ 

සෑම තැනම සාම දෙනාට

යන එන හැම විට

අත උස්සන්න ආචාර කරන්නට 

පිරිසක් විය සීයාට 

සැමදා පුරුදු දිවිය

ගෙව්වෙ ෆයිනස් කඳුකරයේ ය 

අවිහිංසක ලපටි කැකුලට 

තමා සතු අනර්ඝ වස්තුව

 සීයා වෙතින් ලැබුණු

පොත් බෑග් ඒ සහ දුරදක්නය විය

අධ්‍යාපනය සහ සමාජ අයිතිය 

ගුඩම්මෙකු අත්තම්මා

නොවීය සීයා සේම මා හට 

බියගුළු වූ විට ගියේ හනිකට 

පයිනස් වන තුරු තුරුලට 

මාළුවෙකු සේ උඩහට පහළට 

තැනුවෙමි හිතේ සැටිය 

අත්තේ ඇඳී ඇති පෑන් කුරුටු 

දැක මුදිතා ගුණයෙන් 

සීයගෙ වැහැරී මහලු සුවඳ 

සැමදා හැකිවෙද මා දිවි තුරාවට 

(

Sunday, September 5, 2021

සාහිත්‍ය විචාරය නම්,,

 සිංහල සාහිත්‍යයේ විචාර මාවතේ මිණි කිරුළ හෙවත් සාහිත්‍ය විචාරය..........  ලේඛකයාගේ නිර්මාණයක් අගය රදා පවතින්නේ විචාරකයා හේතුවෙනි .යම් සාහිත්‍ය කෘතියක් රස විදීමෙන් ලබා ගන්නා වින්දනය සමග ඔබ ද සාහිත්‍ය වවිචාරකයෙක් බව පැවසීම නිරවද්‍ය වේ.විචාරකයා වනාහී විවේචකයා ලෙස තවදුරටත් අර්ථ දැක්වීම වඩා සුදුසුය.  සාහිත්‍ය විචාරය යනුවෙන් අර්ථකථන දැක්වීමේ අරමුණින් නිර්වචන යොදා මෙකී විෂය හැදින්වීම සාධාරණ යයි මම නොසිතමි.සාහිත්‍ය යයි මෙයයි ලෙස අර්ථකථන සැපයීමට පෙළඹීමෙන් එක් පරාසයකට පමණක් කොටු වන බවද කිව යුතුය.අප සාහිත්‍ය නිර්මාණයක් රස විදීමෙන් ලබාගන්නා වින්දනය විචාරයක් කරා ගමන් කිරීමට හේතු පාදක වේ.මෙම කාරණය එදා භරතමුණි පඩිතුමා නාට්‍ය ශාස්ත්‍රය ග්‍රන්ථයේදී එක් තැන් කොට ගෙන කතා බහ කොට ඇත.විචාරය යන්නෙන්ද සම්භාවිත එක් අර්ථ කථනයකින් ගෙන හැර දැක්විය නොහැක්කකි.යම් සාහිත්‍ය නිර්මාණයක ගුණ පක්ෂය පමණක් ඉදිරිපත් කිරීමෙන් එය සාර්ථක විචාරයක් නොවේ.එහි දෝෂ හෙවත් වැරදිද තිබිය හැකිය .එසේම විචාරක භූමිකාව ද ඒ සඳහා යෝග්‍ය පුරුෂයාන්ගෙන් යුක්ත විය යුතුය .එනම් පක්ෂපාතී නොවන අපක්ෂපාතී පුද්ගලයෙක් විය යුතුය .මෙම විචාරක භූමිකාව වෙනමම විශ්ලේෂණය කිරීම වටී.  සාහිත්‍ය නිර්මාණයක යථා ස්වභාවය විවරණය කිරීම යන නිර්වචනය ගෙන මෙය දැක්වීම ද එක් අතකින් සාධාරණ නොවේ .ඉංග්‍රීසි භාෂාවෙන් (criticiam)යනුවෙන් දක්වයි .මෙය සෑදී ඇත්තේ (kritikos)යන ග්‍රීක මූලයෙනි.ඉන් අදහස් වන්නේ (හොද /නරක )විනිශ්චය කිරීම ලෙසිනි.  විචාරය සඳහා පර්යාය වශයෙන් විවේචකයා යන අරුත් ඉදිරිපත් වේ .එනමුත් විශ්ව සාහිත්‍ය තුළ විචාරය වනාහී ,විශාල පුළුල් පරාසයක විහිදී යන පරක් තෙරක් නොමැති දැනුම් සම්භාරය ක එක් මූලස්ථානය යැයි ප්‍රකාශ කිරීම ද සාධාරණයක් යැයි දැක්විය හැකිය .එසේම විචාරය ගැඹුරුය .සාහිත්‍යය නම් විෂය භූමිකාව පදනම් වුවත් මෙම මංජුසාව තුළ , අප වර්තමානයේ නාමිකව දක්වන්නා වූ දර්ශනය, දේශපාලනය, ආර්ථිකය ,සමාජයීය ,සංස්කෘතික, ජීවවිද්‍යාත්මක සමාජ විද්‍යාත්මක විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක තර්ක ශාස්ත්‍රීය, ඓතිහාසික, රසායනික ,භෞතික විද්‍යාත්මක ,ලොව පවත්නා සියලුම සියලුම දැනුම් සම්භාරයේ තිඹිරිගෙය යැයි වැටහීමක් ඇත .එමෙන්ම සාහිත්‍ය විචාරය නම් ,රටක ලෝකයක එකම සංවර්ධන පාරාදීසිය ක ට මඟ කියා දෙන අපූරු මංසල කි .වර්තමාන බොහෝ විෂයන් සඳහා පාර කියා දෙන ඉලියඩ් ,ඔඩිසි ආදී වීර්ය කාව්‍යයන්හි අන්තර්ගත විෂය පරාසය නම් මහා සාගරයක දැනුම් සම්භාරයකි .මේවා අධ්‍යයනය නය කරන විචාරකයා ගැන මින් අවබෝධයක් වැටහීමක් ලබාගත හැක.එමෙන්ම මහා දාර්ශනිකයන් වන ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැන්නන්ගේ මහා බුද්ධි කදම්බයන් අධ්‍යනය කරනු ලබන සාහිත්‍යමය කෘතීන් තුළ අන්තර්ගත වන්නා වූ මහායාන ස්කන්ධය කියා හෝ වනා හෝ අහවර නොවේ.පෙරදිග සාහිත්‍ය විචාරය සහ අපරදිග සාහිත්‍ය විචාරය වශයෙන් ද්විතීය පැතිකඩ කට සාහිත්‍ය විචාරය පැතිරී තිබේ .ලෝකයේ සම්භවය කරා දිව යන අදින් වසර පන්දාහක ටත් ඉපැරණි ශිෂ්ටාචාර බිහි වූ කාලයේ සිට අධ්‍යයනය කරනු ලබන ඓතිහාසික යුගාන්තරයන්ගෙන් එහා ගිය ඔවුන්ගේ මහා ඥාඤාණය නමැති ධනස්කන්ධයේ උපරිව්‍යුහාංගයක් ලෙස සාහිත්‍ය විචාරය දැක්විය හැකිය .  එමෙන් ම සාහිත්‍ය විචාරකයා නම් සාහිත්‍ය විචාර සිද්ධාන්ත මේ වන විට විෂය සම්බන්ධව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති මෙයා යම් අනුගමනය කරන්නේ නම් ඒ සාහිත්‍ය විචාරයේ නව ප්‍රදීපයකි.එමෙන්ම ධ්වනිවාදය ,ඖචිත්‍යවාදය ,අලංකාරවාදය ,රසවාදය ,රීති වාදය ආදී විචාර සිද්ධාන්තයන් ද ,සාහිත්‍ය විචාරකයෙකු සතු දැනුම් සම්භාරය ට අයත් විය යුත්තේමය.මෙම විචාර සිද්ධාන්ත මෙන්ම දර්ශනය මූලික කරගත් විඥානවාදීන් ,භෞතිකවාදීන් හරහා සාහිත්‍ය විචාරය ප්‍රගමනයක් දැකගත හැකි වුවත් මෙහි පුරෝකථනයන් අමතක කොට යුත්තේ නොවේ .එනම් පෙරදිග සාහිත්‍ය විචාරයේ මුල් පුරුක හෙවත් වෛදික සාහිත්‍යයයි .වෛදික භාෂාවේ ආභාසයෙන් සකසා ගත් සාහිත්‍යය,සංස්කෘත යැයි කිව හැකිය.දෙවියන්ගේ භාෂාව හෙවත් දෛවී භාෂා යනුවෙන් ද මෙය ව්‍යවහාර වේ .බොහෝ සාහිත්‍ය නිර්මාණ රස විඳින පාඨකයා නොදකින පුළුල් සංජානන හැකියාවක් විචාරක ඇසට නතු වේ .සූක්ෂ්ම සහ තියුණු බුද්ධියකින් යුක්ත වේ.ඇත්ත වශයෙන්ම කිවහොත් ලාංකීය භූමිය තුළ සාහිත්‍ය විචාර විෂය විශාල පරාසයක දිවන්නේ නොදැකිය හැකි වුවත් ,අනාගත ලොව ජීවමාන සිද්ධාන්තයක් වන්නේ විශ්වීය සාහිත්‍ය විචාරය බව නොලියාම බැරි සටහනක්ම ය .සාහිත්‍ය විචාරයේ වර්තමානයේ දක්නට හැකි අපූරු සංලක්ෂණ නම් නවක විචාර සිද්ධාන්ත එක්කාසු වීමයි.මාක්ස් වාදය මුල්කොට ගත් මාක්ස්වාදී කලා විචාරය ,යථාර්ථවාදී කලා විචාරය ,ඉන්ද්‍රජාලික හෙවත් මායා යථාර්ථවාදී කලා විචාරය ,බෞද්ධ සාහිත්‍ය විචාරය ,මනෝවිද්‍යාත්මක කලා විචාරය ,අප නොසිතන පරාසයක සාහිත්‍ය විචාරය විෂය විහිදී විහිදී පැතිරී සුවඳ වහනය වන බව කිව යුතුමය .  මේ ආදී වශයෙන් අප ශ්‍රී ලාංකික සාහිත්‍ය කරුවන් වශයෙන් නොදන්නා වූත්,එහෙත් දැනිය යුතු වූ විෂය එකතුවක එක් නාම මාත්‍රික ව්‍යවහරයක් බව සාහිත්‍ය විචාරය විෂය ගෙනහැර දැක්වීම වටී.ජීවිතය දිනන්නට අධ්‍යාපනයෙන් ලබාදෙන මෙහෙවර තුළ දිදුලන දැනුම් සම්භාරයකට උරුමකම් කියන සාහිත්‍ය විචාරය අපූරු රස සාගරයක පීනා වරල් ගසන ඩොල්ෆින් මත්‍ස්‍යයෙකු හා සමානය . 

චිංගීස් අයිත්මාතව් විසින් රචිත සුදුනැව.

 චිංගීස් අයිත්මාතව් නම් නිර්මාණකරුවාගේ තෙලිතුඩින් සුභාවිත සුදු නැව නම් කෘතිය මගින් අපූර්ව දෘෂ්ටිමය මං මාවතක් වෙත පාඨකයා ගෙන යයි.මිනිසාගේ සවි...