සිංහල සාහිත්‍යයේ විචාර මාවතේ මිණි කිරුළ හෙවත් සාහිත්‍ය විචාරය.......... ලේඛකයාගේ නිර්මාණයක් අගය රදා පවතින්නේ විචාරකයා හේතුවෙනි .යම් සාහිත්‍ය කෘතියක් රස විදීමෙන් ලබා ගන්නා වින්දනය සමග ඔබ ද සාහිත්‍ය වවිචාරකයෙක් බව පැවසීම නිරවද්‍ය වේ.විචාරකයා වනාහී විවේචකයා ලෙස තවදුරටත් අර්ථ දැක්වීම වඩා සුදුසුය. සාහිත්‍ය විචාරය යනුවෙන් අර්ථකථන දැක්වීමේ අරමුණින් නිර්වචන යොදා මෙකී විෂය හැදින්වීම සාධාරණ යයි මම නොසිතමි.සාහිත්‍ය යයි මෙයයි ලෙස අර්ථකථන සැපයීමට පෙළඹීමෙන් එක් පරාසයකට පමණක් කොටු වන බවද කිව යුතුය.අප සාහිත්‍ය නිර්මාණයක් රස විදීමෙන් ලබාගන්නා වින්දනය විචාරයක් කරා ගමන් කිරීමට හේතු පාදක වේ.මෙම කාරණය එදා භරතමුණි පඩිතුමා නාට්‍ය ශාස්ත්‍රය ග්රන්ථයේදී එක් තැන් කොට ගෙන කතා බහ කොට ඇත.විචාරය යන්නෙන්ද සම්භාවිත එක් අර්ථ කථනයකින් ගෙන හැර දැක්විය නොහැක්කකි.යම් සාහිත්‍ය නිර්මාණයක ගුණ පක්ෂය පමණක් ඉදිරිපත් කිරීමෙන් එය සාර්ථක විචාරයක් නොවේ.එහි දෝෂ හෙවත් වැරදිද තිබිය හැකිය .එසේම විචාරක භූමිකාව ද ඒ සඳහා යෝග්‍ය පුරුෂයාන්ගෙන් යුක්ත විය යුතුය .එනම් පක්ෂපාතී නොවන අපක්ෂපාතී පුද්ගලයෙක් විය යුතුය .මෙම විචාරක භූමිකාව වෙනමම විශ්ලේෂණය කිරීම වටී. සාහිත්‍ය නිර්මාණයක යථා ස්වභාවය විවරණය කිරීම යන නිර්වචනය ගෙන මෙය දැක්වීම ද එක් අතකින් සාධාරණ නොවේ .ඉංග්‍රීසි භාෂාවෙන් (criticiam)යනුවෙන් දක්වයි .මෙය සෑදී ඇත්තේ (kritikos)යන ග්‍රීක මූලයෙනි.ඉන් අදහස් වන්නේ (හොද /නරක )විනිශ්චය කිරීම ලෙසිනි. විචාරය සඳහා පර්යාය වශයෙන් විවේචකයා යන අරුත් ඉදිරිපත් වේ .එනමුත් විශ්ව සාහිත්‍ය තුළ විචාරය වනාහී ,විශාල පුළුල් පරාසයක විහිදී යන පරක් තෙරක් නොමැති දැනුම් සම්භාරය ක එක් මූලස්ථානය යැයි ප්‍රකාශ කිරීම ද සාධාරණයක් යැයි දැක්විය හැකිය .එසේම විචාරය ගැඹුරුය .සාහිත්‍යය නම් විෂය භූමිකාව පදනම් වුවත් මෙම මංජුසාව තුළ , අප වර්තමානයේ නාමිකව දක්වන්නා වූ දර්ශනය, දේශපාලනය, ආර්ථිකය ,සමාජයීය ,සංස්කෘතික, ජීවවිද්‍යාත්මක සමාජ විද්‍යාත්මක විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක තර්ක ශාස්ත්‍රීය, ඓතිහාසික, රසායනික ,භෞතික විද්‍යාත්මක ,ලොව පවත්නා සියලුම සියලුම දැනුම් සම්භාරයේ තිඹිරිගෙය යැයි වැටහීමක් ඇත .එමෙන්ම සාහිත්‍ය විචාරය නම් ,රටක ලෝකයක එකම සංවර්ධන පාරාදීසිය ක ට මඟ කියා දෙන අපූරු මංසල කි .වර්තමාන බොහෝ විෂයන් සඳහා පාර කියා දෙන ඉලියඩ් ,ඔඩිසි ආදී වීර්ය කාව්‍යයන්හි අන්තර්ගත විෂය පරාසය නම් මහා සාගරයක දැනුම් සම්භාරයකි .මේවා අධ්‍යයනය නය කරන විචාරකයා ගැන මින් අවබෝධයක් වැටහීමක් ලබාගත හැක.එමෙන්ම මහා දාර්ශනිකයන් වන ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැන්නන්ගේ මහා බුද්ධි කදම්බයන් අධ්‍යනය කරනු ලබන සාහිත්‍යමය කෘතීන් තුළ අන්තර්ගත වන්නා වූ මහායාන ස්කන්ධය කියා හෝ වනා හෝ අහවර නොවේ.පෙරදිග සාහිත්‍ය විචාරය සහ අපරදිග සාහිත්‍ය විචාරය වශයෙන් ද්විතීය පැතිකඩ කට සාහිත්‍ය විචාරය පැතිරී තිබේ .ලෝකයේ සම්භවය කරා දිව යන අදින් වසර පන්දාහක ටත් ඉපැරණි ශිෂ්ටාචාර බිහි වූ කාලයේ සිට අධ්‍යයනය කරනු ලබන ඓතිහාසික යුගාන්තරයන්ගෙන් එහා ගිය ඔවුන්ගේ මහා ඥාඤාණය නමැති ධනස්කන්ධයේ උපරිව්යුහාංගයක් ලෙස සාහිත්‍ය විචාරය දැක්විය හැකිය . එමෙන් ම සාහිත්‍ය විචාරකයා නම් සාහිත්‍ය විචාර සිද්ධාන්ත මේ වන විට විෂය සම්බන්ධව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති මෙයා යම් අනුගමනය කරන්නේ නම් ඒ සාහිත්‍ය විචාරයේ නව ප්‍රදීපයකි.එමෙන්ම ධ්වනිවාදය ,ඖචිත්‍යවාදය ,අලංකාරවාදය ,රසවාදය ,රීති වාදය ආදී විචාර සිද්ධාන්තයන් ද ,සාහිත්‍ය විචාරකයෙකු සතු දැනුම් සම්භාරය ට අයත් විය යුත්තේමය.මෙම විචාර සිද්ධාන්ත මෙන්ම දර්ශනය මූලික කරගත් විඥානවාදීන් ,භෞතිකවාදීන් හරහා සාහිත්‍ය විචාරය ප්රගමනයක් දැකගත හැකි වුවත් මෙහි පුරෝකථනයන් අමතක කොට යුත්තේ නොවේ .එනම් පෙරදිග සාහිත්‍ය විචාරයේ මුල් පුරුක හෙවත් වෛදික සාහිත්‍යයයි .වෛදික භාෂාවේ ආභාසයෙන් සකසා ගත් සාහිත්‍යය,සංස්කෘත යැයි කිව හැකිය.දෙවියන්ගේ භාෂාව හෙවත් දෛවී භාෂා යනුවෙන් ද මෙය ව්‍යවහාර වේ .බොහෝ සාහිත්‍ය නිර්මාණ රස විඳින පාඨකයා නොදකින පුළුල් සංජානන හැකියාවක් විචාරක ඇසට නතු වේ .සූක්ෂ්ම සහ තියුණු බුද්ධියකින් යුක්ත වේ.ඇත්ත වශයෙන්ම කිවහොත් ලාංකීය භූමිය තුළ සාහිත්‍ය විචාර විෂය විශාල පරාසයක දිවන්නේ නොදැකිය හැකි වුවත් ,අනාගත ලොව ජීවමාන සිද්ධාන්තයක් වන්නේ විශ්වීය සාහිත්‍ය විචාරය බව නොලියාම බැරි සටහනක්ම ය .සාහිත්‍ය විචාරයේ වර්තමානයේ දක්නට හැකි අපූරු සංලක්ෂණ නම් නවක විචාර සිද්ධාන්ත එක්කාසු වීමයි.මාක්ස් වාදය මුල්කොට ගත් මාක්ස්වාදී කලා විචාරය ,යථාර්ථවාදී කලා විචාරය ,ඉන්ද්‍රජාලික හෙවත් මායා යථාර්ථවාදී කලා විචාරය ,බෞද්ධ සාහිත්‍ය විචාරය ,මනෝවිද්‍යාත්මක කලා විචාරය ,අප නොසිතන පරාසයක සාහිත්‍ය විචාරය විෂය විහිදී විහිදී පැතිරී සුවඳ වහනය වන බව කිව යුතුමය . මේ ආදී වශයෙන් අප ශ්‍රී ලාංකික සාහිත්‍ය කරුවන් වශයෙන් නොදන්නා වූත්,එහෙත් දැනිය යුතු වූ විෂය එකතුවක එක් නාම මාත්‍රික ව්‍යවහරයක් බව සාහිත්‍ය විචාරය විෂය ගෙනහැර දැක්වීම වටී.ජීවිතය දිනන්නට අධ්‍යාපනයෙන් ලබාදෙන මෙහෙවර තුළ දිදුලන දැනුම් සම්භාරයකට උරුමකම් කියන සාහිත්‍ය විචාරය අපූරු රස සාගරයක පීනා වරල් ගසන ඩොල්ෆින් මත්ස්‍යයෙකු හා සමානය .
This comment has been removed by the author.
ReplyDeleteහොඳ කියවීමක්. ඉදිරියට මෙවැනි දේ වැඩි වැඩියෙන් කරන්න.
ReplyDelete